දේශීය පුවත්

ඉදිරි මැතිවරණවලදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂාවෙන් පසුවන බව දේශපාලන ආරංචි පවසයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පළවන වාර්තා සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බව ද වාර්තාවේ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී දෙපාර්ශ්වයේ නියෝජිතයින් සාකච්ඡා කළ අතර එහි තවත් සාකච්ඡාවක් ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More