විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා හොර තක්කඩියෙක් බව ජාතකි නිදහස්පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විදුලි බල මණ්ඩලයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් මේ බව සදහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දක්වමින් වීරවංශ මහතා
සුරේන් බටගොඩ පාරිබෝගිකා පිළිබදව සිතන්නේ නැතුව තමන්ට මුදල් උපයා ගැනීමට පුලුවන් ආකාරයට විදුලි බල මණ්ඩලයේ කටයුතු කරගෙන ගොස් තිඛෙන බවත් අද වන විට සුරේන බටගොඩට හිතවත් සුරේන් සුබ්‍රමනියම් නැති පුද්ගලයෙකුගේ ඇග්‍රිකෝ නැමති සමාගමකට අයත් පාවෙන ඩීසල් බලාගාරයක් ලංකාවට පැමිණෙමින් තියෙන බවත් වැඩි මුදලට එයින් විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය නිසා අද වන විට විදුලිය විසන්ධි කරමින් සිටින බව ද එතුමන් සදහන් කරයි
එමෙන්ම චුන්නාගම් තියෙන බලාගාරයෙන් මේ වනතෙක් ජාතික පද්ධතියට මෙගා වෝට් එකකවත් විදුලියක් ලබා ගෙන නැති වුවත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 117 මුදලක්වි දුලි බලමණ්ඩලය විසින් ගෙවා තිඛෙන බවත් එම සමාගාමේ උප සභාපති ලෙස කටයුතු කරන ජෙහාන් අමරතුංග මලික් සමරවික්‍රමගේ ව්‍යාපාරික සගයා බවත් විමල් වීරවංශමහතා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...