දේශීය පුවත්

මෙච්චරකල් ගිතෙල් නැත්නම් එළඟිතෙල් කියා විකුණා ඇත්තේ කෘතිමව බෝවයින් සහ ෆාම් ඔයිල් එකතු කර සෑදු එකක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දැන් ඊයේ පෙරේදා අහු වුණා බෝවයින්, පාරිභෝගික අධිකාරියට. මොනවද බෝවයින් කියන්නේ? බෝවයිනුයි ෆාම් ඔයිලුයි එකතු කරලා තමයි මෙච්චරකල් ගිතෙල් කියලා බොරුවට හැදුවේ, අර කිරිපිටි කියලා විකුණන්නේ මොකක්දෝ බොරු කුඩක් කිව්වා වගේ මෙච්චරකල් ගිතෙල් නැත්නම් එළඟිතෙල් කියලා විකුණලා තියෙන්නේ කෘතිමව බෝවයින් සහ ෆාම් ඔයිල් එකතු කරලා හදපු එකක්. විකුණලා තියෙන්නේ මොන නමින් ද ක්‍රිෂ්ණගී. ක්‍රිෂ්ණා කියන්නේ කවුද? ක්‍රිෂ්ණ දෙයිහාමුදරුවන්ගේ පුංචි කාලේ. ක්‍රිෂ්ණා දෙයිහාමුදුරුවන්ගේ පුංචි කාලේ පින්තූරයකුත් දාලා ක්‍රිෂ්ණාගී කියලා විකුණනවා අහු වුණා. මිනිහා කියනවා 2012 ඉඳන් අපි විකුණනවාලු. රුපියල් 10,000යි දඩේ. දැන් අපි ඒ අවශ්‍ය සංශෝධන කරන්න කියලා අපේ ඒ් ඇමතිතුමා කිව්වා. දැන් බෝවයින් හදන්නේ කොහොමද? බෝවයින් හදන්නේ කුර තියෙන සත්තුන්ගේ හම යට තියෙන මේදය අරගෙන. ඒ කියන්නේ හරක්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ, බැටලුවන්ගේ, ඔටුවන්ගේ හම යට මේදය, අං, කුර, වල්ග, හොම්බවල් ඔය ඔක්කොම පේස් කරලා තමයි මේ බෝවයින් හදන්නේ.”

“මේ හදන බෝවයිනුයි, ෆාම් ඔයිලුයි කලවම් කරලා හැදුවා කෘතිම ගිතෙල්. කෝවිලට ගියාම දෙනවා මුරුගන් පූජාව, අපිටත් කන්න කියලා දෙනවා දෙයියන්ගේ බත්. මෙච්චරකල් කාලා තියෙන්නේ දැන්, හින්දු ජනතාව හරක් මස් කන්නේ නැහැ. ඉස්ලාම් භක්තික ජනතාව ඌරු මස් කන්නේ නැහැ ඌරු මස් නොකෑවට බෝවයින් කලවම් කරපු ගිතෙල්වලින් හදපු ෆ්‍රයිඩ් රයිස් කාලා. දුන්තෙල් බත් කාලා, බිරියානි කාලා. ඇයි ඔය ගිතෙල් දාලා ඔය බිරියානි හදන්නේ. එතකොට ඒ මිනිහා කියනවා කොළඹ හතේ ඒ වගේ ම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන තරු පහේ හෝටල්වල ලංකාවේ තරු හතේ හෝටල්වලටත් එයා දුන්නාලු බෝවයින් කලවම් කරපු මේ කෘතිම ගිතෙල් වර්ගය ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න කියලා, බිරියානි හදා ගන්න කියලා ගිතෙල් තල හදා ගන්න කියලා. කාලා වරෙන්කෝ. මේවා තමයි කාලා තියෙන්නේ එතකොට බෞද්ධ ජනතාව හරක් මස් කන්නෙත් නැහැ පෙළක් අය ඌරු මස් කන්නෙත් නැහැ. හැබැයි අපිට ඒ දෙකම කැවිලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More