විදේශ පුවත්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්‘ සිදුවිය යුතුව තිබුණේ ඊයේ (29) ය.

නමුත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ එකඟතාවය පිළිබඳ යෝජනාව ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නැවත වරක් පරාජය විය.

344-286 ක් වශයෙන් ආණ්ඩු පක්ෂය මෙයින් පරාජය වීමත් සමග, මැයි 22 වැනිදා දක්වා යුරෝපා සංගමයෙන් ඉවත් වීම ප්‍රමාද කිරීමට තිබූ අවස්ථාව බ්‍රිතාන්‍යයට අහිමි විය.

අගමැතිනී තෙරේසා මේ පවසන්නේ දැන් විකල්පයක් සොයාගත යුතුව ඇති බවයි.

නමුත් ලේබර් පක්ෂ නායක සහ විපක්ෂ නායක ජෙරමි කෝබින් එක හෙළා කියා සිටින්නේ මේ පරාජයත් සමග තෙරේසා මේ ඉල්ලා අස්විය යුතු බව ය.

මේ අතර, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව තවමත් විශ්වාස කරන දහස් සංඛ්‍යාත ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී එම ඉවත් වීම ප්‍රමාද කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන ආකාරය ද දැකගත හැකි විය.
බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් මීළඟ තීරණාත්මක දිනය අප්‍රේල් 12 වැනිදාට එළඹීමට නියමිත ය. එහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේ පරම වගකීම තෙරේසා මේ ගේ උර මත පැටවී තිබේ.

බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි තීරණය කර ගැනීමට යුරෝපා සංගමය අප්‍රේල් 10 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.

මෙම දේශපාලන අර්බුදයේ අවසානය ඇතැම්විට මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් ද විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More