දේශීය පුවත්

අලුතින් හැදී ඇති මානව හිමිකම් නීති නිසා සිසුන්ට දඬුවම් කරන ගුරුවරුන්ට හිරේ යාමට සිදුව ඇති බවත් මේ සමාජය හැදෙන්නේ නැත්තේ ඒ නිසා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද සිසුවකුට ටොක්කක් ඇන්නහොත්, කන මිරිකුවොත් පොලිසි යන බව පැවසූ ජනාධිපතිවරයා එසේ යන්නේ දරුවාට ආදරේටදැයි ප්‍රශ්න කළේය.

එසේ කන මිරිකන්නේ, ටොක්කක් අනින්නේ දරුවකු හැදීමට මිස නොහැදීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා දෙමව්පියන් කොතරම් නම් දරුවන්ට පහර දෙන්නේදැයි විමසීය.

රටක්, සමාජය හදන්නට නම් දණ්ඩනය අත්‍යවශ්‍ය බව බුදුන් වහන්සේගේ දේශනාවේත් සඳහන්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තීන්දු කර එය ළඟදීම ක්‍රියාවට නැංවීමට තමන් කටයුතු කරන්නේ ඒ නිසා බවයි සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පාසල් ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (29) එක් වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More