දේශීය පුවත්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක ධුරයට එක්වීමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් එක්වන දේශපාලන රැස්වීමකදී වේදිකාව තුළ ප්‍රභු ඝාතන වැලක් කරන්නට කොටි ජාත්‍යන්තර ජාලය පාතාලය සමග එක්ව කළ සැලසුමක් ගැන ඒකාබද්ධ බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

කොටි ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුමකට අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙස එවූ හින්දු පූජකවරයකු (අයියර්) මාර්ගයෙන් වේදිකාව වෙතට කොටි ත්‍රස්තයන් රැගෙන යාම සැලසුම වී තිබේ.

රාජ්‍ය ඔත්තු සේවාව, යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය එක්ව කළ බුද්ධි මෙහෙයුමකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෑතකදී අත්අඩංගුවට ගත් කනපති කදිරවේලි හෙවත් කුගන් සාමි නමැති අයියර් (හින්දු පූජක) ගැන කළ විමර්ශනයේදී ප්‍රභූ ඝාතන සැලසුම අනාවරණය වෙමින් තිබෙන බව හෙළිවී ඇත.

මෙම පූජකවරයා ඇතුළුව දැනට අත්අඩංගුවේ සිටින දොළොස් දෙනා අතරින් ප්‍රබලයන් වන වේන්ද්‍රන් හෙවත් අප්පන් නමැති කොටි සංවිධානය හා දකුණේ පාතාල කණ්ඩායම් මෙහෙයවූ නායකයාත්, කාර්තික් නමැති කොටි සාමාජිකයාටත් පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ප්‍රබල සාමාජිකත්වය හා හැඳුනුම්පත ලබාදුන් බවද සැකකරු හෙළි කර ඇත. කාර්තික්ගේ කීමට කොටි ත්‍රස්තයන් පස් දෙනකුට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාදීම සැලසුම වී ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ නායකයින් රැස්වන දේශපාලන රැලි ගණනක ප්‍රභූවරයකු ලෙස ඉදිරිපෙළ අසුනක්ද කුගන් සාමිට හිමිවී ඇත්තේ පූජකවරයකු නිසාය. මොහු පළාත් පාලන ඡන්දයට ඊ.පී.ඩී.පී. හා ස්වාධීන කණ්ඩායම්වලින් දෙමළ සන්ධානයට එරෙහිව ඡන්ද සටනට ප්‍රවිෂ්ට වී ඇත. පසුව දෙමළ ඩයස්පෝරාව වේන්ද්‍රන් (අප්පන්) මගින් මොහුට මුදල් වියදම් කර අනාගත ප්‍රහාරයක් සඳහා තම සාමාජිකයන් අයියර් සමග පරීක්ෂාවට ලක් නොවී දේශපාලන වේදිකාව වෙත යවන්නට සැලසුම් දියත් කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

වේන්ද්‍රන් විසින් ගණේමුල්ල සංජීවගේ පාතාල කණ්ඩායම හා කඩුවෙල සමයංගේ කල්ලියේ විත්තාගේ කණ්ඩායමට අවි ආයුධ විස්සක් කොටි ආයුධ ගබඩාවලින් ගොඩගෙන ගෙනවිත් දී ඇතැයි හෙළි වී ඇත. මෙම කල්ලි අතරට දකුණේ ඝාතන සඳහා යෙදවූ වීරා නමැති කොටි පිස්තෝලකරුවකුද සිට ඇත.

ඔඩ්ඩුසුඩාන්, පුලියන්කුලම් සිද්ධීන්වලදී යළි නැගිටින්නට වෙර දරන කොටි ත්‍රස්තයන්ගේ සැලසුම් හෙළි වූ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන සැලසුම්ද හෙළිවිය. ඉන්පසුව මාකඳුරේ මධුෂ්ගේ සහාය මැද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කොටි පාතාල කල්ලියකට සහාය දුන් බව කියන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාද අත්අඩංගුවට ගැනිණි.

ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී හමුදා බුද්ධි අංශ මගින් කළ විමර්ශනයකදී ඔඩ්ඩුසුඩාන් සිද්ධියට සම්බන්ධ කරන්, දිනේෂ්ගේ නායකත්වයෙන් යුත් කොටි කණ්ඩායම ඉන්දියාවෙන් සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතළිහක් හා කුමාන්කුලම්හි යුද සමයේ වළ දැමූ ස්නයිපර් අවි දෙකක් ගැන හෙළිවුවද මෙතෙක් ඒවාට වූ දෙයක් සොයාගෙන නැත.

දැනට ඉන්දියාවට පැන ඇති පුලියන්කුලම් සිද්ධියට සම්බන්ධ ආනන්ද රාසා හා ශංකර්ගේ කණ්ඩායම කුට්ටි බේස් ඇතුළු වන්නියේ කොටි කඳවුරුවලින් ගොඩ ගෙන ඇත්තේ මාර්ගයෙන් තැන් තැන්වලට යැවූ අවි ආයුධද තවම හමුවී නැත. මෙම යළි නැගිටින කොටි කණ්ඩායම් ප්‍රංශ, ස්විස් හා ඉන්දියාවේ සිටින ජාත්‍යන්තර කොටි නායකයන් මෙහෙයවන බව හෙළි වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– aruna.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More