ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවලියට තමන්ට ද නොදන්වා අත්සන් තැබූ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් යළි ශ්‍රී ලංකාවට කැඳවා විදේශ අමාත්‍යාංශය ද තමන් යටතට පවරාගතහොත් පමණක් ජනාධිපතිවරයා සැබැවින්ම රටට එරෙහි එම යෝජනාවලිය පැරදවීමට සූදානම් බව පිළිගත හැකි යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
ඊයේ (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට එහි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් යළිත් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නැගූ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාව පිළිගනිමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් එයට අත්සන් තබා තිබෙනවා. පසුගිය මාර්තු 20 වැනිදා 40 වැනි සැසිවාරයේ පැවැත්වූ සිය දේශනයේදී ඉහත වාර්තාවේ ඇතුළත් අසත්‍ය කරුණු ගෙන හැර පාමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇය අදහස් දැක්වූවා. යුද අපරාධ පිළිබඳව සොයා බැලීම හා සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකාව වසර 02ක් මානව හිමිකම් කවුන්සිලයේ සුපරීක්ෂණය යටතේ රඳවා තැබිය යුතු බවත් ඇය පෙන්වා දුන්නා. සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම, අතුරුදන් වූවන්ට වන්දි ගෙවීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම, තම කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම, දෙමුහුන් අධිකරණයක් පිහිටුවා යුද අපරාධ කළා යැයි කියන අපට දඬුවම් දීම ආදිය ඇය එහිදී ඉදිරිපත් කළ යෝජනායි. මතක තබා ගන්න, ඉහත යෝජනා ඇතුළත් වාර්තාවට කල් තියාම ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් අත්සන් කොට තිබුණා.
‘තිලක් මාරපනගේ ප්‍රෝඩාව’
එවැනි වාර්තාවකට එකඟව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අත්සන් කර තිබියදී තමයි, විදේශ අමාත්‍ය තිලක් මාරපන, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන අය ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලයේ ඉහත කී 40 වැනි සැසිවාරයට සහභාගි වන්නේ. විදේශ අමාත්‍යවරයා මෙහිදී කරන්නේ ඇඟ බේරා ගැනීම. ඔහු දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම යන කාරණා ගැන පමණයි ඉහත කී 40 වැනි සැසිවාරයේදී කතා කරන්නේ. ඒ කරුණු දෙක ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරන්න බැහැ’ කියා පමණයි තිලක් මාරපන එහිදී කියන්නේ.
‘අපූරු ඒකච්ඡන්දයෙන් සම්මත වීම’
මිචෙල් බැචලට් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනා සහිත වාර්තාව 40 වැනි සැසිවාරයේදී ඒකච්ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා වුවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කාරණයක්. මානව හිමිකම් කවුන්සලය තුළ මේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට ඡන්ද විමසීමක් ඉල්ලා නැහැ. ඡන්ද විමසීමක් නොමැතිව කොහොමද යමක් එකච්ඡන්දයෙන් සම්මත වෙන්නේ. 2014 මාර්තු 25 දින ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාවලියට සිදු වූ දේ මතක ද ? එහිදී ශ්‍රී ලංකා නියෝජිතයන් ඡන්ද විමසීමක් ඉල්ලුවා. ඒ අනුව යෝජනාවට පක්‍ෂව ඡන්ද 23ක් ද යෝජනාවට විරුද්ධව ඡන්දය 12ක් ද ලැබුණා. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 12ක්. යෝජනාවට විරුද්ධ 12 සහ ඡන්දය දීමෙන් වැළකී සිටි 12 එකතු වූවාම 24යි. ඒ ආකාරයට අපට එම යෝජනාව එදා පැරදවීමට ලැබුණා. මෙවර යෝජනාවලියේදී තිලක් මාරපන ඡන්ද විමසීමක් නොඉල්ලා නිහඬ වුණා. ‘ඒකච්ඡන්දයෙන් සම්මත වුණා’ කියා පවසන්නට ඉඩ දී නිහඬ වුණා.
‘ජෙරී ආනන්දසංගරිට ඉඩ දීම’
මෙවර 40 වැනි සැසිවාරයේදී කැනේඩියානු පාර්ලිමේන්තු මන්තී්‍ර ජෙරී ආනන්දසංගරී ශ්‍රී ලංකාව යුද අපරාධ අධිකරණය හමුවට ගෙන යා යුතු බවට ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳව තිලක් මාරපන හීන් කෙඳිරියක්වත් නොනඟා නිහඬ වූවා. දෙමළ ඩයස්පෝරාව සතුටු කරමින් ජෙරී අනන්දසංගරී කළ කතාව මානව හිමිකම් කවුන්සිල සැසිවාරය තුළ තහවුරු වීමට තිලක් මාරපන ඉඩ හැරියා.
‘ජනාධිපතිගේ වගකීම’අපි දැක්කා ජනාධිපතිවරයා පවසා තිබුණා ‘විදේශ අමාත්‍යාංශය මෙසේ කිරීම වැරදියි. ඊට ඉඩ දෙන්න බැහැ’ කියා. අපිත් අතිගරු ජනාධිපතිතුමාට ගෞරවයෙන් කියනවා, ‘විදේශ අමාත්‍යාංශයට දොස් කියලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාව තුළ විවේචනය කරලා වැඩක් නැහැ. ඔබතුමා සැබැවින්ම බි්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් ගෙනා ආ නව යෝජනාවට විරුද්ධ නම් ජිනීවා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස්, රාජ්‍යයට විරුද්ධව කටයුතු කළ අයකු සේ සලකා වහාම ශ්‍රී ලංකාවට කැඳවිය යුතුයි. දඬුවම් දිය යුතුයි. විදේශ අමාත්‍යාංශය තමන් යටතට පවරා ගත යුතුයි’ කියා”
මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නගර සභා මන්ත්‍රී රංජිත් පත්මසිරි, බොරැලැස්ගමුව නගර සභා මන්ත්‍රී ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
– රටට එදිරිව කටයුත කළ ජිනිවා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් වහාම ලංකාවට කැදවා දඩුවම් දෙන්න.- විදේශ අමාත්‍යාංශය ඔබ යටතට පවරා ගන්න. ජයන්ත සමරවීර ජනපතිගෙන් ඉල්ලයි2019-03-29 ජානිපෙ මාධ්‍ය හමුව
Gepostet von Jathika Nidahas Peramuna am Donnerstag, 28. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...