දේශීය පුවත්

දැඩි ආන්දෝලනයට ලක් වී ඇති මාතෘකාවක් වන විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් මෙවර හිරු ටීවී බලය වැඩසටහන වෙන්විය.

මේ වන විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන රිෂාඩ් බදුර්දින් අමාත්‍යවරයා මෙන්ම මෙම වන විනාශයට එරෙහි දැඩි මතයක් දරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාද මෙම බලය විවාදය හා එක්වූ නිසා දැඩි අවධානය මේ දෙසට යොමුවිය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ද මෙම විවාදය හා එක්විය.

විවාදයේදී විල්පත්තුවේ මඟ දෙපසින් මීටර් 250ක් දුරට ජනතාව පදිංචි වූ බව රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ප්‍රකාශ කරද්දී සිතියම් ගණනාවක් එකිනෙක ඉදිරිපත් කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා මීටර් 250ක් වෙනුවට මීටර් 1180 දුරට ජනතාව පදිංචි කර ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු කර සිටියේය. වැඩසටහන පුරාවට එය එසේ සිදුවූයේ කෙසේදැයි පැහැදිලි කිරීමට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට හැකියාවක් නොලැබුණි.

අනාථ කඳවුරු වල දුක් විඳින අහිංසක ජනතාව වෙත මෙම ඉඩම් ලබාදුන් බවට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නැගෙන තර්ක වලට ද ගම්මන්පිල මන්ත්‍රිවරයා ඉතා පැහැදිලි ලිපි ලේඛන හා සාක්ෂි ඉදිරිපත් කරමින් පිළිතුරු දීම මෙහිදී දැකගත හැකි විය.

එහිදී විගණකාධිපතිවරයා විසින් 2017 වසරේ ඉදිරිපත් කරන ලද විලත්තිකුලම් රක්ෂිතය පිළිබඳ වාර්තාව උපුටා දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිකර තිබූ නිවාස වල පදිංචි වී නොමැති සහ නිවාස ඉදිකර නොමැති බිම් කට්ටි සියල්ල ගත්විට එය සමස්ත බිම් කට්ටි ප්‍රමාණයෙන් සියයට අසූවක් වන බවයි.

මේවා අවතැන්වී අනාථ කඳවුරුවල දුක් විඳි ජනතාව වෙනුවෙන් ලබා දුන් ඉඩම් නම් එම ජනතාව තවමත් ඒවායේ පදිංචි වී නොමැති නම් එම ජනතාව මේ වන විට තවමත් අනාථ කඳවුරු වල සිටිය යුතු බව පෙන්වා දුන් ගම්මන්පිල මන්ත්‍රිවරයා නමුත් ඔවුන් අනාථ කඳවුරුවල ද නොමැති බවද ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More