දේශීය පුවත්

උතුරු පළාත ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල සිට වැඩම කළ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්ත්වයෙන් උතුරු පළාත් බොදු සමුළුව අද (29) වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් ඇරඹිණි.

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්ත්වයෙන් මෙම සමුළුව අද දින උදෑසන 8.15 ට ආරම්භ කෙරිණි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්ත්වයෙන් මෙම බොදු සමුළුව පැවැත්වේ.

ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන උතුරු පළාත් බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත සිදු කරනු ලබන අතර උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයේ, ප‍්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ, ත‍්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදු කරනු ලබයි.

වවුනියාව ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උදෑසන 8.15ට ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත වන පෙරහැරකින් ස්වාමින් වහන්සේලා ප‍්‍රධාන ශාලාව වෙත වැඩම කරවා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින්ගේද ආශිර්වාදය ලබාදී මෙම උතුරු පළාත් බොදු සමුළුව ආරම්භ කෙරුණි.

අද පස්වරුවේදී, උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක‍්‍රියාමාර්ග, අදහස් හා යෝජනා සාකච්ඡා කරනු ලබන අතර උතුරු පළාතේ පවත්වන මෙම බොදු සමුළුව තුළින් ශ‍්‍රී ලංකාවාසී හා ලෝකවාසී සියලූ දෙනාට සුභවාදී පණිවිඩයක් ලබාදීම අපේක්ෂාව වෙයි.

මෙම බොදු සමුළුව වෙනුවෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තාන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා ඇතුළු නිලධාරීන්, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More