පුරවැසි කොලම

2018 වසරට අදාල සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් විය. අයදුම්කරුවන් පන්ලක්ෂ දහඅටදහස් එකසිය අසූහතර (518184)දෙනෙකුගෙන් 71.66%ක් උසස්පෙළ සඳහා සුදුසුකම් ලැබ ඇත.එය ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ගතහොත් තුන් ලක්ෂ හැත්තඑක්දහස් තුන්සිය තිහ (371330)කි. තවත් ලෙසකට කියනවා නම් මේ සා.පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් එක්ලක්ෂ හතලිස් හයදහස් අටසියපනස් තුනක් (146853) දෙනෙකු උසස්පෙළ සුදුසුකම් අහිමි ව සිටිති.එනම් අසමත්ව ය.එය 28.34%කි.

සමත් ප්‍රතිශතය 71.66% ක් වනවිට අසමත් ප්‍රතිශතය 28.34% කි.
එනම්.. 518,184 ක් දෙනාගෙන් 371,330 දෙනෙකු විභාගය සමත් වෙද්දී , , 146,853 ක් දෙනා විභාගයෙන් අසමත් වෙති.

එනම් #සමත්වූවන්ට #සාපේක්ෂව #අසමත් #වූවන්ගේ ප්‍රතිශතය 39%කි.
එනම් #සියයක් (100)සිසුන්ගෙන් (61)ක #සමත්වෙද්දී , #තිස්නවයක් (39) සිසුන් #අසමත් #වෙති. මෙය එසේමෙසේ නැත. මේ අසමත් වන්නේ ද අපේ ම දරුවන් නිසාය.මේ අසමත් වන්නේ අපේ ම අනාගතය නිසා ය.
ලංකාවේ සාක්ෂරතාව ගැන උදම් මෙතනට අදාල ම නැත. එසේ ම උ.පෙළට සුදුසුකම් ලැබූවන් සිය ජීවිත මහා ඉහළින් ගොඩ දාගනිමින් ක්ෂේම භූමියකට ලඟා වූවා සේ ද මම නොසිතමි..

අධ්‍යාපන අමාත්‍යාංශය, එහි ඇමතිවරයා මෙන් ම ජනාධිපතිවරයාද සහ අප හැමෝම ද විසින් දිනන දරුවන්ට තෑගි දීමට-ගෙවල් දීමට ඉදිරිපත්වනවාට වඩා වැඩි ජවයකින් මේ අසමත්වන්නන් ගැන කල්පනාකළ යුතුය.කාගේ හෝ මත අඩුපාඩුව තබා තමාගේ ඇඟ බේරානොගෙන එය කළ යුතුය. පවත්නා ක්‍රමයට හෝ අනෙකාට බැනීම නම් මේ වෙනුවෙන් කොහොමටවත් නොසෑහෙන බවද සිහිකළ යුතු ය.

518184 දෙනෙකුට වසර දහයක් පුරා වැයකළ මුදල මේ වෙද්දී මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිතව ගණනය කර ඇතිද…? එසේ නම් ඒ ගණන රුපියල් වලින් අපට කියන්න.රටක් ගොඩගත හැක්කේ එවිට ම පමණි.ගණුදණු සටහන් කිරීමෙනි. එසේ ම දැන් අධ්‍යාපන අමාත්‍යාංශය අපට කියන්න මේ වසර දහයක් පුරා 518184 දෙනෙකුට වියදම්කර උගන්වා එයින් 371330 ක් පමණක් නම් උ.පෙළට සුදුසුකම් ලබන්නේ..ඉතිරි සුදුසුකම් නොලබන ගණන 146853ක් වීමට හේතු මොනවා ද කියා. දරුවන් වෙනුවෙන් ඒ දැරූ සියළු වියදම් මහාභාණ්ඩාගාරයට ලබාදුන්නේ මේ රටේ ජනතාවගේ මහන්සියෙන් ඒ ජනතාව ම නිසා.

දැන් තව දුරටත් වසර දෙකක් හෝ තුනක් මේ සමත් යැයි කියන දරුවන් 71.66% කඩදාසි,විෂය කරුණු මත්තේ සරසවි සිහින සමඟින් උ.පෙළ හා පොරබදද්දී , , මේ සා.පෙළ අසමත් වූ ඒ 28.34% ක් වූ 146853 ක් වන දරුවන් ට දෙන මඟපෙන්වීම කුමක් ද..??? ඔවුනට රජයක්, අධ්‍යාපන අමාත්‍යාංශයක් හෝ වැඩිහිටි පරම්පරාව ලෙස අපි දෙන සිහිනය කුමක් ද..???අපි දෙන ශක්තිය සහ බලාපොරොත්තුව කුමක් ද..??? එසේ ශක්තිය දීමට අපට නොහැකිනම් මේ පරම්පරාව..මේ 146853 ක්වූ පිරිස…අපට අනාගතයේ ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ මේ වැඩිහිටියන් ට ගෞරවයෙන් සළකාවි ද…

මේ 28.34%ක් වන අපේ ම දරුවන් සිය අනාගතය තුළ අහිකුණ්ඨික ජීවිත ගතකරන්නන් නොකරන්නට ඇති අපේ ශක්තිමත් වැඩපිළිවෙළ කුමක් ද..??? ත්‍රී රෝද රථ වලට බැණවදින , මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ගේ දෙමවුපියන් ට පවා අඩුපාඩු කියන අපි මේ උ.පෙළ සුදුසුකම් අහිමිවූ දරුවන් වෙනුවෙන් කුමක් කරන්නට සිතා සිටිනවා ද…විසඳුම සේ අසමත් සැමට ම N.A.I.T.A පෙන්වනවා ද..???
විදේශසේවා නියුක්ති කාර්‍යාංශය පෙන්වනවා ද… රූපලාවන්‍ය වැඩසටහම් විකාශය කරවනවා ද…කියන්න….කරුණාකර මේ එක්ලක්ෂ හතළිස් හය දහස් අටසිය පනස් තුන්දෙනා ගැන අපට නොවෙයි…

අනේ ඒ දරුවන් ට නිශ්චිත උත්තරයක් / වැඩපිළිවෙලක් පෙන්වන්න…ඒ…..මේ කිසිවකුවත් අසමත්වූයේ කුඩාකළ සිට ම තමන් ගේ වූ අඩුපාඩුවක් නිසා නොව නමුත්,, කොහේ හෝ වන වැඩිහිටියෙකුගේ අඩුපාඩුවක් නිසා බව මම තදින් ම දන්නා බැවිනි.
ඒ වැඩිහිටියා තම නිවසේ කෙනෙකු ද , රටේ නායකයන් ද , ගුරුවරුන් හෝ ඒ වටපිටාවද, අධ්‍යාපන අමාත්‍යවරයා හෝ එහි නිලධාරීන් ද යන්න වෙන්කර නොගෙන…මේ සියල්ලන් ම වැඩිහිටියන් වන බැවින් අපි මේ දරුවන්ගේ අසමත්වීමේ වග උත්තරකරුවන් ලෙස ඉදිරියට එමු. මේ දරුවන් වෙනුවෙන් නිශ්චිත ,ශක්තිමත්
#කෙරෙන #වැඩක් #පටන්ගමු .
නැතිනම් අපි නමට පමණක් ම වන වැඩිහිටියන් වීම අහම්බයක් නොවනු ඇත.

– උදයා දේවාමුල්ල.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More