ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ අලෙවිකරන ප්‍රසිද්ධ විෂබීජ නාශක සබන් වර්ගයක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය කුමක්දැයි මේ වන විට හෙළිදරව් වී ඇත.
නමුත් එම සබන් කැටයේ ඇසුරුමේ අදාළ රසායනිකයේ රසායන විද්‍යාත්මක නම වෙනුවට වෙළද නාමයක් සදහන්කර ඇත. ඊට හේතුව බව පෙනෙන්නේ එම රසායනික ද්‍රව්‍ය රූපලාවන්‍ය ද්‍රව්‍යක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමය.
එම රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරෙන්නේ මැරුණු සතුන් ගේ සමින් කරනු ලබන කර්මාන්ත වලදීය. එම රසායනිකය මගින් එම මැරුණු හම්වල විසබීජ වර්ධනය දීර්ඝ කාලයකට නවත්වන බව සඳහන් වේ.
ඒ අනුව මැරුණු සතුන්ගේ හම් පදම් කිරීමේ කරන රසායනික ද්‍රව්‍යක් ජීවත්වන මිනිසුන්ගේ හම් වලට යෙදීම ඉතා පහත් නින්දිත ක්‍රියාවක් බව රූපලාවණ්‍ය කර්මාන්තයේ විද්වත්හු පවසති.
මහජනයා රැවටීම සඳහා එම සමාගම විසින් යොදා ඇති වෙළඳ නාමය වන්නේ ‘‘ CASACIDE “ ය. එම වෙළඳ නාම සැබෑ රසායනික නාමය වන්නේ THIO CYANOMETHYLTHIO BENZOTHI AZOLEයයි.
මහජනයා රවටන එවැනි කූට ක්‍රියාවක් වෙනත් රටක සිදුවූවා නම් අදාළ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට සිරගත වීමට සිදුවන බව විද්වත්හු පවසති.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...