දේශීය පුවත්

රජය විසින් ජාත්‍යන්තරය හමුවේ දෙමළ ජාතික සන්ධානය රැවටීම පමණක් නොව හෑල්ලුවට ලක් කිරීමද සිදුකරණ නිසා වහාම දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කළ යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය පවසයි.

ඇය යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී රජයේ නියෝජිත පිරිස දෙමළ ජාතික සන්ධානයේ සියලුම බලාපොරොත්තු කඩ කොට ඇති බවයි.

රජය දෙමළ ජාතික සන්ධානයට වූ පොරොන්දු ඉටුවීමක් හෝ මානව හිමිකම් මණ්ඩලයට වූ පොරොන්දු ඉටුවීමක් ගත වූ වසර තුන ඇතුළතදී සිදුව නොමැති හෙයින් දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවේදී රජයට අනුග්‍රහය දැක්වීමේ සියලුම ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතුව ඇතැයිද පැවසීය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාර අවසන් වී දෙමළ ජාතික සන්ධානයේ පිරිස දිවයිනට පැමිණීමෙන් පසුව තමන් මේ පිළිබදව ඔවුන්ට ලිඛිතව දැණුම් දීමක් කරණ බවද ආනන්දි සශිහරන් මහත්මිය කියා සිටියාය.

දෙමළ ජාතික සන්ධානය රජයේ අයවැයට සහය දෙන බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙමින් පවතින බව කී ඇය මේ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයේ නිවටභාවය යැයිද කියා සිටියාය.

දෙමළ ජාතික සන්ධානයට රජය වීස්න් ඉටුකරණ බවට පොරොන්දු වූ කිසිම පොරොන්දුවක් මෙතෙක් ඉටුකොට නොතිබියදී තවදුරටත් රජය පසුපස යාම නතර කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කරණ මෙන් තමන් ලිඛිතවම දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරිය පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More