ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කරයි.
ජිනීවා තානාපතිවරයා දිවයිනට කැඳවා ඔහු සහ මනෝ තිත්තවැල්ල මහතා සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුව ඇතැයිද දිසානායක මහතා සඳහන් කළේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රටට එරෙහිව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් ගැනීමට කටයුතු කරන බවද දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...