කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි කිරීමත් ඞීසල් විදුලිබලාගාර මාෆියාවෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ජානිපෙ පෙන්වා දෙයි.
අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
‘‘විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා කියනවා, ‘වැඩිවන විදුලිය ඉල්ලූමට අවශ්‍ය සැපයුම ලබාදීමට ගෙවී ගිය වසර 04 තුළ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ’ කියා. මේ සතියේ රැුස්වුණු කැබිනට් මණ්ඩලය මේ විදුලි අර්බුදයට පිළියමක් ලෙස අපූරු යෝජනාවක් සිදු කර තිබෙනවා. එනම්, ‘එක් නිවසකින් විදුලි පහන් දෙකක් නිවා දමන්න’ කියා. ඊළඟ සතියේ තවත් දෙකක්.
එහෙම සති දෙක තුනක් ගියාම කියාවි, ‘මේන් ස්විච් එකෙන් ඕප් කරන්න’ කියලා. මේ අනුව පෙනී යනවා, ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුතු කැබිනට් මණ්ඩලය අද ජනතාවට විහිළු සපයන ස්ථානයක් බවට පත්ව තිබෙන බව. එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදුලි අර්බුදය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණු අවස්ථාවල දී තීන්දු කළේ නොරොච්චෝලේ, කෙරවලපිටිය, සම්පූර් වැනි ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කෙරෙන නව විදුලි බලාගාරය ඉදිකිරීමටයි.
දිනකට අමතරව අවශ්‍ය මෙගාවොට් 340ක විදුලිය ධාරිතාව සම්පූර්ණ කර ගැනීමට ගෙවී ගිය වසර 04 තුළ මේ ආණ්ඩුව කිසිවක් සිදුකර නැහැ. ආර්ථිකය බිඳ වට්ටපු, සංවර්ධනයට අඩ තියපු මේ ආණ්ඩුව අද මේ රට යළි කුප්පි ලාම්පු යුගයකට ඇදගෙන යනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...