කංජිපානි ඉම්රාන් ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (28) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් ගේ සමීපතමයෙකු වන අතර , ඔහු ඩුබායි පොලීසිය විසින් පිටුවහල් කිරීමෙන් පසු මෙසේ මාල දිවයින බලා යෑමට පැමිණෙන බවට කල් ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබී ඇති අතර , ඔහු අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ 547 දරන ගුවන් යානයෙන් පැමිණ කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරුව ඔහු ගුවන් තොටුපළ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දී , රට තුළට ඇතුළු වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...