දේශීය පුවත්

අද වන විට මේ රට විදේශීය රටවල ගොදුරක් බවට පත්වී තිඛෙන බවත් වෙනත් රටවලට පැමිණ මේ රටේ පිනුම් ගහන්න පුලුවන් තත්වයකට පත්ව ඇතැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලාංකික සම්බන්ධීකාරක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ජාතික සමතා බලවේගය කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා

ජිනීවාහිදී 30-1 යෝජනාවට සමදායකත්වය ලබාදීම තවදුරටත් දීර්ඝකර ගනිමින් ඇමරිකාව වැනි විදේශීය රටවල් සමග ආරක්ෂක ගිවිසුම් වලට අත්සන් තබන මේ රනිල් මංගල වන්ද්‍රිකා සිරිසේන ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතුයි. එමෙන්ම එලඛෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් මෙම 30-1 යෝජනාවෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ජනවරමක් ඉල්ලිය යුතු බවද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා රියර් අද්මිරාල් සරත් වීරසේකර ,ආචාර්ය වසන්ත බණ්ඩාර සහ නීතීඥ කළ්‍යානනන්ද තිරාණගම යන මහත්වරුන්ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More