දේශීය පුවත්

රජයේ අය-වැය යෝජනාවලියට දෙමළ ජාතික සන්ධානය සහාය දීමට තීරණය කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත්වීම වළක්වා ගැනීම පිණිස යැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පැවැසීය.

කිළිනොච්චියේදී මාධ්‍යවේදීන් අමතා ඔහු කියා සිටියේ අය-වැය පරාජය කිරීම තුළින් යම් පිරිසක් මේ රජය පෙරළා දමා බලයට පත්වීමට උත්සාහ කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.

මේ රජය පෙරළා දමා මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීමට විශාල පිරිසකට වුවමනාවක් ඇති නමුත් එය කිසිදා සිදු නොවන බවද ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට ද මේ රටේ ජනාධිපතිවරයා වීමට දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙක ඉඩ නොතබන බවද ඔහු කියා සිටියේය.

ඊට හේතූන් මොනවා දැයි මාධ්‍යවේදීන් විමසා සිිටි අවස්ථාවේදී මන්ත‍්‍රීවරයා පැවසුවේ එක්ලක්ෂ හතළිස් දහසකට ආසන්න තම දෙමළ ජනතාව ඝාතනය කළ ඝාතකයකුට ජනාධිපතිකම ලබාදිය නොහැකි බවයි.

මේ නිසා ඔහු ජනාධිපති සිහිනය අතහැර දැමීමට තීරණය කළ යුතුව ඇතැයි ද ශ‍්‍රීධරන් මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More