පුරවැසි කොලම

එක් පහන් සැදෑවක මම ලන්ඩනයේ Heathrow ගුවන් තොටුපොලින් කටාර් හරහා මව්බිම කරා යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ගුවන් ගත වුනෙමි. එම පැය හයක ගමන පුරාවටම ගුවන් සේවක කන්ඩායමේ ආදර සංග්‍රහ සැලකිලි විඳිමින් පැමිනියෙමි. පසුව ඩෝහා ගුවන් තොටුපොලෙන් කටාර් රාජ්‍යයේ සිට මවුබිම බලා යන මගීන්ද සමග නැවතත් කටුනායක බලා ගුවන් ගත වුනෙමි.

මම ලන්ඩනයේ සිට ඇඳගෙන ආ ඇඳුම් මාරු කර පහසු ඇඳුමක් වන සායක් සහ ටී ශර්ට් එකක් ඇඳගතිමි. මගේ එහා අසුනේ සිට මා සමග කුළුපග වූ කාන්තාවක් ඈ කටාර් රාජ්‍යයේ නිවසක සේවිකාවක් බව කියා සිටි අතර ඇය ලංකාවේ දරු පවුලක් රැකීමට මැද පෙරදිග සිට දුක් විඳින අහිංසක කාන්තාවක් බව මම වටහා ගතිමි.

මේ අතරේ ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් මට දැනෙන්නට පටන් ගත් නිසා අපට ලන්ඩනයේ සිට පැමිනුන ගුවන් යානයේ සේවක මඩුල්ලෙන් ලැබුන ආදර කරුණාව කොහේ ගියේදැයි මනසින් විපරම් කලෙමි. වතුර වීදුරුවක් ඉල්ලූ විට එය ලැබුනේම නැත. තේ එකක් ඉල්ලූ විට දැන් කෑම ගෙනෙනවා යයි කීහ. මගේ අලුත් කටාර් මිතුරිය කිය සිටියේ එයාලා එහෙම තමයි. “අපි මැද පෙරදිග නිසා කුඩම්මගෙ සැලකිලි තමයි හැමදාම. සුද්දන්ට හරි බටහිර රටවලින් එන අයට හරි හොඳට සලකනවා”. ඈ කියා සිටියා.

“එහෙනම් මමත් මේ බටහිර රටක ඉඳලනෙ එන්නෙ. එහෙම වෙන්න බෑ”. මා කියා සිටියෙමි. “ඒත් ඔයා සාය හැට්ටෙ ඇඳල නිසා ඔයත් මැද පෙරදිග ඉඳල එනව කියල හිතනව ඇති”. ඒ මගේ අලුත් මිතුරියගේ අදහසයි
මා මුලදී එය විශ්වාස නොකලද වැඩි වේලාවක් නොයා එහි සත්‍යතාවය මට දැනගන්නට ලැබුනි.
ලන්ඩනයේ සිට කටාර් එනතුරු ලැබුන සැලකිලි මේ ගුවන් යානයේදී නොලැබුන අතර සුදු මහත්ම මහත්මීන් ලඟ නම් මේ අය සුවිශේශී ලෙස දෙකට තුනට නැවෙන බව පැහැදිලිවම දක්නට ලැබුනි.

මෙය මොන තරම් අවාසනාවන්ත තත්වයක්දැයි මට සිතුනි. අද අප මවුබිමට විදේශ විනිමය උපයන දෑත් වලින් 75% ක්ම සිටින්නේ මැද පෙරදිග බව මේ එල හරක් මොළ වලට නොතේරෙන්නේ ඔවුන්ට ඒ දැනුම ඉහල තල වලින් ලබා නොදෙන නිසා වන්නට ඇත. එපමනක් නොව මැදපෙරදිග ඒ සොයුරියන් මව්බිමට මේ විදේශ විනිමය උපයන්නේ ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් පමනක් නොව ඒ රටවල් වලදී ඔවුන්ට මුණගැහෙන ශ්‍රී ලාංකික පිරිමින්ගෙන් පවා අනවශ්‍ය බලපෑම් වලට ලක් වෙමින් අපා දුක් විඳිමින් බව තේරුම් ගෙන ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට ස්‍රී ලන්කන් සමාගම ඔවුන්ගේ සේවකයින් පුහුණු කල යුතුය. මැද පෙරදිග අපේ සොයුරියන්ද සුදු අප්පොලා සේම මුදල් ගෙවා මේ ගමන් යන බව මොවුන් නොදන්නේද?
මෙවුන්ගේ මේ බටහිරට නැවෙන මානසිකත්වය අනෙක් ගුවන් සමාගම් වල සේවා කන්ඩායම් වල දක්නට නොලැබෙන බව මම අත්දැකීමෙන් තේරුම් ගතිමි.

මෙය වහාම වෙනස් විය යුතු තත්වයක් බවත් ඒ දැනුම මේ මුග්ධ සේවක මඩුල්ලට වෘත්තීය පුහුණුවක් මගින් ලබාදිය යුතු බවත් බලධාරීන් තේරුම් ගත යුතුමය.

මේ අසාධාරණ හැසීරීම වෙනස් නොවේ නම් අපේ අහිංසක මැද පෙරදිග සොයුරියන් ඒකාභිලාශයෙන් එක් වී Sri Lankan ගුවන් සමාගම ප්‍රතික්ශේප කල යුතුය. ඔවුන්ට මමද එක් වෙමි. මගේ සහයෝගය නොමඳව ලබා දෙමි. මා හට හදිසියේම මව්බිමට යාමට සිදුවී Economy පන්තියේ ටිකට් පතකින් මැදපෙරදිග හරහා ගිය නිසා මේ අත්දැකීම ලැබුනද නැවත කිසිදු දිනෙක පෙර පරිදි Business Class ගනයේ ටිකට් පතක් ශ්‍රි ලංකන් සමාගමින් මිලදි නොගන්නෙමැයි සපත කරගතිමි.

මව් බිම රකින මැදපෙරදිග සොයුරියන්ට ජය වේවා!
තෙරුවන් සරණින් දෙවි රැකවරනින් ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!
ශ්‍රී ලංකන් සමාගමේ ගොන් මොළ වලට නුවණැස පෑදේවා!

(ලන්ඩන් සිට ඩෝහා හරහා ලංකාවට යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් හැකිදැයි අසන්නන්ටයි. මේ ගමන මට හදිසියේ පිලිවෙල කර දුන්නේ Code Share ක්‍රමයට සංචාරක ඒජන්ත සමාගමකිනුයි. ඒ කෙසේදැයි ශ්‍රී ලන්කන් සමාගමෙන් අසා දැනගන්න. මේ පෝස්ටුවේ අදහස මැද පෙරදිග සොයුරියන් වෙනුවෙන් පෙනී සිටීම මිස මගේ ගමන ගැන කතා කිරීම නොවන බව අවධාරණය කරමි. මගේ ගමන ගැන කරදර වන්නන් නොව, මැද පෙරදිග සොයුරියන්ට වන අසාධාරණය වෙනුවෙන් කතා කිරීමට කැමති අයගේ අදහස් පමනක් ඉත සිතින් බාර ගනිමි.)

බිනුරි දිසාසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More