විදේශ පුවත්

ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ වෙනිසියුලාවේ ආණ්ඩුණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබා දුන් බවට ප්‍රසිද්ධ ජෝන් බෝල්ටන් ඔහුගේ tiwiter ගිණුමේ සඳහන්කොට ඇති ආකාරයට රුසියානු යුද ගුවන් යානා දෙකකින් භටයින් 100ක්,ප්‍රහාරක යාත්‍රා ඇතුළු යුද උපකරණ මෙ.ටො. 30ක් වෙනිසිවුලාවට ගොඩබස්සවා ඇත.

ඔහු ඒ පිළිබඳව ඉතා දැඩි ලෙස විරෝධය පලකොට ඇතත් වෙනිසිවුලාවේ විදේශ ඇමති සඳහන් කරන්නේ එම ක්‍රියාව 2001 දී ඇති කර ගත් යුද සහ තාක්ෂණික ගිවිසුම් අනුව සිදුවන තර එය රටේ ව්‍යවස්ථාවට අනුකූල බව ය.

ඇමරිකානු ආරක්ෂක උපදේශකයාගේ දැඩි ප්‍රකාශයට පිළිතුරු සපයන රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සහාරවා මහත්මිය සදහන් කරන්නේ වෙනිසියුලාව යනු ඇමරිකාවේ පිළිකන්න ලෙස ඔවුන් සිතා සිටියත් එය එසේ නොවන බව තමා ඔප්පු කොට ඇති බව ය.

පසුගිය දිනවල ඇමෙරිකාවේ ඍජු මැදිහත්වීමෙන් වෙනිසියුලාවේ ආණ්ඩුව පෙරළා දැමීමේට දියත් කළ මෙහෙයුම මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More