හෙට අනිද්දා වනවිට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද කට උත්තර ගැනීමට ඔවුන් ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතාව මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණය නියැළී සිටින බවටයි ඒ මහතා චෝදනා කළේ.
මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස ඇමතිකම් සඳහා දැඩි කෑදරකමක් දක්වන අය බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ඉඟි පළවීමත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් ද දියත් වී ඇති බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ 20 වන සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරණ අපේක්ෂකයාට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අවහිර කිරීම සඳහා බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...