දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පැවරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි වාර්තා වේ.

ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කරන්නේ වික‍්‍රමතුංග මහතාට සමීප සබදතාවක් තිබූ මාධ්‍යවෙිදිනියකි.

මෙම තත්ත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම අවහිර කිරීමට අදහස් කර සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරුවොත් එය අවසන් වන තුරු එරට පුරවැසිභාවය ඉවත් කරගැනීමට ඉඩ නොලැබුන්නේ යයි පැමිණිලිකාර පාර්ශවයේ විශ්වාසය වී ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම නඩුව ඇමරිකානු අධිකරණය හමුවේ විභාගයට නොගැනෙනු ඇති බවත් ශ‍්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් නිසා ඇමරිකානු අධිකරණයේ නඩු පවරා වරදකරුවෙක් කිරීම ප්‍රායෝගික නොවන බව නීති වේදීහු පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More