එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දුන් යොජනාවලියේ කුමක් සඳහන් වී තිබුනද, පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කිසිඳු ක්‍රියාවක් සිදු නොකරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (27) පෙරවරුවේ එක්වෙමිනි.
මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර මානව හිමිකම් කොමිසම නිකුත් කර තිබෙන වාර්තාවේ සඳහන් පරිදි අප සම වගකීම් භාරගැනීමේ ප්‍රතිපත්තියකට ඉදිරි වසර දෙකකින් පසු එළැඹෙන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමඟ සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එම අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනුදැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවත් අපේ රටේම පාර්ශ්වවල වැරදි තීන්දු තීරණ හේතුවෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ තම සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම එම සිදුවීම තමා දකින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව රජය මෙන්ම ජනතාව පාවාදිමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට මිස ඉන් පහළ අයට නොවන බව ද කියා සිටියේය.
ජීනිවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස ද පත්කර තිබුණේ තමා සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වා බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා පෙබරවාරි 25වන දා සිදුවීමෙන් පසු තමා විසින් එම නියෝජිත පිරිස වෙනස් කිරීමට කටයුතු කළ බවත්, විදේශ අමාත්‍යවරයා පසුගියදා එම කොමිසම හමුවේ කළ කතාව රටට ගැළපෙන ආකාරයෙන් සිදු කළ යුතු අන්දම පිළිබඳව ද තමා උපදෙස් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය.
එදා අප රටට එල්ල වූ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ අද ද වෙනස් ක්‍රමෝපායන් මගින් රටට එල්ලවීමට පටන්ගෙන තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා අපට යහපත් විදේශ සබඳතා තිබිය යුතු නමුත් රටේ දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට එවා මැදිහත් නොවිය යුතු සේම, අද මෙන් ම හෙට දවසේ ද කිසිදු අවස්ථාවක විදේශ බලවේගවලට මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයද විවිධ පාර්ශව වල විවේචනයට බඳුන් විය. වසර පහක් තිස්සේ සිදු වන ජාත්‍යන්තර වටලෑමට ජනාධිපතිවරයා සාධනීය මැදිහත් වීමක් සිදු නොකිරීම එසේ විවේචනයට බඳුන් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...