මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී පැවැති සාදයකදී අත්අඩංගුවට ගත් සංගීත ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැත්තා ලංකාවට පැමිණිමෙන් පසු අද (27) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කටුනායක ගුවන්තොටුපොළහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරේ.
ඩුබායි රටෙන් පිටුවහල් කරනු ලැබූ මෙවෙුන් දෙදෙනා අද උදෑසන ලංකාවට පැමිණිමෙන් පසු රේගු නිලධාරීන් විසින් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී තිබේ.
ඔවුන් සම්බන්ධයෙන් ලංකාවේ වෙනත් චෝදනා ඇත්දැයි සොයා බලා කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...