දේශීය පුවත්

විදුලි කප්පාදුවක් සිදු කිරීමට තරම් රට තුළ විදුලි අර්බුදයක් ඇති වූයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ ඇතැම් විදුලි ඉංජිනේරුවන්ගේ ක‍්‍රියාකාරකම් නිසා යැයි පවසමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කොමිසමට දොස් පවරා ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී රට තුළ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු නොකළ බවත්, පෞද්ගලික විදුලි බලාගාර සමග මෙම කොමිසමේ නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් සම්බන්ධතා පවත්වන බවත් ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

කොමිසමේ ඇතැම් අය සහ විදුලි ඉංජිනේරුවරුන් පෞද්ගලික විදුලි බලාගාර හිමිකරුවන් සමග විදෙස් සංචාර ස`දහා සහභාගි වන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද ජනාධිපතිවරයා එහිදී අණාවරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More