දෙමුහුන් අධිකරණයකට විරුද්ධ බවට විදේශ ඇමැති තිලක් මාරපන මහතා කළ ප‍්‍රකාශය ජනතාව රැවටීම සඳහා කළ ප‍්‍රකාශයක් පමණක් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඊයේ (26) ජාතික සමතාබලවේගය කැදවා තිබූ මාධ්‍යහමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.
ආණ්ඩුව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති රණවිරුවන් සර්ව ලෝක අධිකරණ බලයට යටත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් තවදුරටත් රණවිරුවන්ට නඩු පැවරීම සඳහා දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නොවන බව ද ඒ මහතා පැවසීය.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමැති තිලක් මාරපන මහතා දෙමුහුන් අධිකරණයකට විරුද්ධත්වය ප‍්‍රකාශ කරද්දී, දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බවටත් එසේ නොමැති නම් අන්තර් ජාතික යුද අධිකරණය හමුවට යන බවටත් කළ ප‍්‍රකාශයන් හුදු නාට්‍යයක් පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...