දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තේරීම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් සීමා වීම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් ප්‍රහාරයක් බව එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙන්ම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට ද අවස්ථාව ලබා දිය යුතු බවයි.

එහෙයින් ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීමක් සිදු කිරීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.

මේ වන විට පළ වන ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එජාප ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කරු ජයසූරිය මහතා බවයි. එහෙත් එය පක්ෂ නායකත්වයේ හිතුමනාපයට ගත් තීරණයක් පමණක් බවත්, එය පක්ෂයේ අභිමතය නොවන බවත් ඔවුන් පෙන්වා දේ.

ඇතැම්විට පක්ෂ නායකයින් තමන්ගේ මතයට එකඟ නොවන තත්ත්වයක් උදා විය හැකි බවත්, එසේ වුවහොත් එජාප පසුපෙළ මන්ත්‍රීන් 18 දෙනෙකු මේවන විටත් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් පසුවන බවද අදාළ මන්ත්‍රී කණ්ඩායම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More