දේශීය පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වූ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නැතැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අනාවරණ කළේය.

රාඝවන් මහතා මේ බව සඳහන් කළේ අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එවැනි සංවේදී කාරණාවක් සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කර තීන්දු ගැනීම අත්‍යාවශ්‍ය බව ආණ්ඩුකාරවරයා කියාසිටියේය.

මහ කොමසාරිස්වරියගේ වාර්තාව මාස එකහමාරකට පමණ පෙර මෙරටට යොමුකර තිබෙන අතර විරෝධතා ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු වුවත් එලෙස සිදු නොවී ඇති අතර අවසාන වශයෙන් සම අනුග්‍රහය දක්වන බවද ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම ඒක පාර්ශවීය වශයෙන් සිදුව ඇති බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි පසුබිමක් තුළ මානව හිමිකම් සැසියේදී සිදුකිරීමට ඉතිරිව තිබුණේ මහ කොමසාරිස්වරිය නිල වශයෙන් සිය යෝජනාව සභාගත කිරීමෙන් පසු ප්‍රති උත්තර බැඳීම සඳහා ලේඛනය සකස් කර ගැනීම බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියාසිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More