දේශීය පුවත්

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විවිධ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යෙයේ නොරොච්චෝලයේ විදුලි බලාගාරය ඉදි කිරීම සිදු නොවුණානම් පවතින තත්ත්වයට වඩා වැඩි කාලයක් ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ගම්පොළ පැවති උත්සවයකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

නොරොච්චෝලේ බලාගාරයේ පිරිවැය මෙන් 10 ගුණයක් උපයා ඇති බව විගණකාධිපතිවරයාද ප්‍රකාශ කරන බව මෙහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

වර්තමානයේදී සමස්ථ විදුලි නිශ්පාදනයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ බලාගාරයෙන් සිදු කරනු ලබයි. මෙම විදුලි අර්බුධය සම්බන්ධයෙන් විදුලි බල ක්ෂේත්‍රයේ විශේෂඥයන් දිගින් දිගටම අනතුරු හැඟවූ අතර වත්මන් රජය විදුලි අර්බුධයට විසඳුම් සෙවීමේදී ඉතා අදූරදර්ශී ලෙස ක්‍රියා කොට ඇති බවට ඔවුන් චෝදනා කරයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව කිසිදු මහ පරිමාණ විදුලි බලාගාරයක් ඉදි නොකල අතර යෝජිතව තිබූ සාම්පූර් ගල් අඟුරු බලාගාරයද අවලංගු කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More