රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා තවදුරටත් සඳහන් කළේ තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍ය සේවකයින් සුවිශාල සේවාවක් ඉටු කළ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
“රාජ්‍ය සේවය අපේ රටේ ඉතා වැදගත් අංශයක්. රාජ්‍ය සේවය මත තමයි සියලූ දෙයක්ම රඳා පවතින්නේ. අපේ රටේ රාජ්‍ය සේවකයන් මිලියන 1.2 ක් පමණ සිටිනවා.
රාජ්‍ය තන්ත‍්‍රයට යම්කිසි බලපෑමක් වුවත් රටට කරන්න පුළුවන්. රාජ්‍ය අංශය වැදගත් වන්නේ ඒ නිසයි. රාජ්‍ය අංශය කාර්යක්‍ෂම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. යුද්ධය අවසන් කිරීමට කැපවීමෙන් කටයුතු කළ අංශයක් තමයි රාජ්‍ය අංශය. අනිකුත් අංශවලින් ද සහාය ලැබුණා.
යුද්ධය ජයග‍්‍රහණය කිරීමේදී සියලූම ආරක්‍ෂක අංශවල පිරිස් බලය විශාල වැඩිවීමක් වුණා. මූලික වැදගත්ම කරුණ එයයි. ඒ නිසයි අවුරුදු ගණනක් තිස්සේ යුද්ධය අවසන් කරගන්න බැරි වුණේ.
තිබූ රජයන් ඇයි එහෙම නොකළේ? ඔවුන් බය වුණා රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වෙයි කියලා. ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කළා.
රාජ්‍ය සේවයේ විශාල සංඛ්‍යාවක් අද අධිකරණවලට ගෙන්වනවා. මේ තත්ත්වය මත රාජ්‍ය සේවකයෙක් මීට පෙර වගේ වැදගත් තීරණ අරගෙන වැඩ කරයි කියලා හිතන්න බැහැ. මේ නිලධාරීන්ව මෙවැනි තත්ත්වයකට පත් නොකිරීමට ඉදිරි රජයකට සිදුවෙනවා. ඔවුන්ව ආරක්‍ෂා කරන්න සිදුවෙනවා.
එහෙම නොවුණහොත් මේ නිලධාරීන්ට නිවැරදිව තීරණ ගන්න බැරි වෙනවා. රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි තීන්දු තීරණ ගැනීමේ බලය ලබාදිය යුතුයි. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම වෙන්නත් එවැනි දේ බලපානවා.
ඉදිරි රජයක් යටතේ සැලසුම් සකස් කරලා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට ඔවුන් දිරිගැන්විය යුතුයි. ආරක්‍ෂක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තුළත් ඔවුන් මානසිකව ඉහළ තත්ත්වයකට ගෙන ඒමට එදා කටයුතු කළා. ඔවුන්ව නිසි මඟපෙන්වීමක් ලබාදී නිවැරදි තත්ත්වයකට ගෙන ඒම තුළින් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට හැකිවුණා.
ඒ විශ්වාසය තිබූ නිසා සහ නිසියාකාරව මෙහෙයවූ නිසා සංවර්ධනය සීග‍්‍රයෙන් සිදුවුණා. දේශපාලනඥයෙක් වශයෙන් කළ යුත්තේ නිවැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමයි. වැරදි ප‍්‍රතිපත්ති ලබාදුන්නොත් ඒවා ක‍්‍රියාත්මක වෙන්නේ වැරදි විදිහටයි. මේ සියලූ දෙයක්ම කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඉදිරියේදී කටයුතු කළ යුතුයි.“
විද්වත් වෘත්තිකයින්ගේ සංසදය සංවිධානය කළ “පවුර “විද්වත් වෘත්තිකයින්ගේ සම්මන්ත්‍රණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...