පුරවැසි කොලම

සත්ව තෙල් වලින් සාදන නිසා පිටිකිරි භාවිතය නවතන ලෙස රට පුරාම මතයක් පැතිර මිනිසුන් දියර කිරිවලට හුරුවෙත්දී සත්ව තෙල් වලින් සාදන එළඟිතෙල් වෙළෙඳපොළට ආ පුවත් සැබෑ ලෙසම ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා වැනි දෙයකි.

ආහාර අවශ්‍යතාව සහ සරල ජීවිතය සංකීර්ණ වීම තුළ පැන නගින ගැටලූ ගණනාවකි. උදේ සිට සවස් වන තෙක් නොනවතින තරගයක යෙදෙන මිනිසුන් කුමක් හෝ දෙයක් බඩට දාගනිමින් බඩ ලෙඩ කරගැනීම නිසා ඔවුන්ගේ ආහාර පද්ධතියම උඩු යටිකුරු විය හැක. එවන් අවස්ථාවක අසමෝදම් උගුරක් බී හෝ පවුලේ වෛද්‍යවරයා හමුවී බෙහෙතක් ගැනීමත් ජීවන විලාසිතාවක් වුණු සමාජයක අප දැනගත යුත්තේ එවන් සුළු තත්වයකට එහා ගිය දෙයක් පවා ආහාර නිසා ඔබට සිදුවිය හැකි බවයි. ආහාර විෂ වීම, අජීර්ණය වැනි රෝග තත්ත්වයන්හි සිට සුව කළ නොහැකි රෝග පවා වැලඳීමට කෙනෙකුගේ ආහාර රටාව ඉවහල් විය හැක.

ජීවන තත්ත්වය වෙනුවෙන් වෙහෙසෙන සමාජයක කාලය සමග සිදුකරන තරගය තුළදී ඔවුන් හට ආහාර ගැනීමට තිබෙන වෙලාව අල්ප වීම මත ෆ‍්‍රයිඞ් රයිස්, බුරියානි ආදිය ආහාරයට ගැනීම පුරුද්දට ගත් අයෙක් නම් අද අප ඔබට කියන්නට යන කාරණාව එතරම් සුභදායී නැත. එනම් පසුගිය දා පාරිභෝගික සේවා අධිකාරිය හට තොරතුරක් ලැබුණේ වත්තල ප‍්‍රදේශයේ ස්ථානයක ව්‍යාජ එළඟි තෙල් නිෂ්පාදනය කරන බවය. ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරිය එම ස්ථානය වැටලීම සඳහා නිලධාරීන් පිරිසක් යවන ලද අතර ඔවුන් එසේ එම ස්ථානය වෙත යන විටත් එහි සේවකයන් සත්ව මේදය මගින් එළඟි තෙල් නිෂ්පාදනයන් ඇසුරුම් කරමින් සිටින ලදී. ඒ අනුව බෝවයින් මේද ඔයිල් සහ ෆාම් ඔයිල් බඳුන් මත දමා එකට මිශ‍්‍රකර එම මිශ‍්‍රණ ලීටර් හතරේ ඇසුරුම් වලට පුරවා ඒවා එළඟිතෙල් ලෙස නම් කර වෙළෙඳපොළ වෙත යැවීමට සූදානම් කර තිබිණ. කෙසේ වෙතත් එහි සේවය කළ අයගේ ප‍්‍රශ්න කිරීම අනුව කලක සිට එළගිතෙල් නමින් මෙම තෙල් වර්ගය විකුණන මහා ජාවාරමක සුළමුළ

හෙළිකරගන්නට සමත් විය. ඒ අනුව එම බෝවයින් සත්ව මේද අඩංගු භාජන, ෆාම් ඔයිල් අඩංගු භාජන සහ එළඟිතෙල් අඩංගු භාජන එකසිය පහළොවක් ඇතුළු සියල්ල පාරිහෝගික සේවා නිලධාරීන් විසින් මුද්‍රා තබන ලදී.

මෙම ව්‍යාජ එළඟිතෙල් නිෂ්පාදනවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කාර්මික තාක්ෂණික ආයතනයට යවන ලද අතර එහිදී කළ පරීක්ෂණයන්ට පසු ලැබුණු වාර්තාවෙහි සදහන් වූයේ එම නිෂ්පාදන, එළඟිතෙල් නිෂ්පාදන සඳහා වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති SLS 340 : 1975 යන කිසිදු පරාමිතියකට අනුව මේවා සැකසී නැති බවයි. ඒ අනුව මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාව 2019 03 08 වැනි දින මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ව්‍යාජ එළඟිතෙල් නිෂ්පාදන මගින් පාරිභෝගිකයා නොමග යැවීම නිසාම අදාළ නඩුවේදී එම නිෂ්පාදන තොගය විනාශ කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා, තමන්ගේ වරද පිළිගත් ව්‍යාපාරිකයාට රුපියල් දසදහසක දඩයක් නියම කෙරිණ.

එහෙත් මේ වන විටත් මෙම ව්‍යාජ එළඟි තෙල් කොළඔ හා තදාසන්න නගරවල ආහාර කඩවල කොත්තු, ෆයිඞ් රයිස්, බුරියානි සැකසීම සඳහා යොදාගන්නා බවටද ආරංචි ලැබී ඇත. මෙහි ඇති අභාගය වන්නේ තොග සහ සිල්ලර කඩවලද මෙම ව්‍යාජ එළඟිතෙල් විකිණීමට තිබීමයි. සාමාන්‍යයෙන් එදිනෙදා ආහාර සකසන කඩවල පාවිච්චියට ගන්නේ මිල ඉහළ නැති තෙල් වර්ගය. එය එසේ වන්නේ ඔවුන්ට එම මුදලට ආහාරයක් සපයන්නට නම් මිල අඩු තෙල් මෙන්ම රසකාරක භාවිත කිරීමට සිදුවීම බොහෝ විට මෙම තෙල් වර්ගය කොළඔ සහ ඒ අවට කඩ වල පාවිච්චියට ගැනීම නිසා එවන් කඩවලින් ආහාර ගැනීම මාරයාට අතවැනීමකි.

ආගමික සිද්ධස්ථාන අවටද මෙම ව්‍යාජ තෙල් විකිණීමට ඇති අතර දැනට එවන් එළඟිතෙල් විශේෂ කර හඳුනාගැනීමට නොහැකිවීම නිසා මහජනතාව මේ පිළිබඳව අවදි විය යුතු කාලයකි. සත්ව තෙල් නිසාම අද වන විට මහජනතාව කෙමෙන් පිටි කිරි ප‍්‍රතික්ෂේප කරන යුගයක එවන් සත්ව තෙල් හරහා මෙවන් කූට ව්‍යාපාර බහුල විය හැක. මන්ද වත්මන තුළ පාරිභෝගිකයන් වඩාත් වැඩි අවධානයක් යොදාගෙන ඇත්තේ කිරිපිටි වෙතයි. ඒ හරහා පාරිභෝගිකයන් අනිත් ආහාර පිළිබඳව තිබෙන අවධානය මඳ වශයෙන් අඩුව යා හැක.

සත්වයන්ගෙන් ලබා ගන්නා තෙල් වර්ග කිහිපයක් ඇති අතර බෝවයින් තෙල් යනු ගවයන්ගෙන් ලබාගන්නා තෙල්ය. මේද අධික මෙම තෙල්, ෆාම් ඔයිල් සමග මිශ‍්‍ර කිරීම තුළින් එළඟිතෙල්වල ස්වභාවය ලබා ගැනීමට ව්‍යාජ ව්‍යාපාරයේ හිමිකරු දැනුවත් වූයේ කෙසේ ද යන්න සොයා බැලිය යුතුය. මන්ද පාරිභෝගික සේවා අධිකාරියට දැනගන්නට ලැබුණේ එක් ව්‍යාජ එළඟිතෙල් නිෂ්පාදනාගාරයක් පමණකි. මෙවන් ව්‍යාජ ව්‍යාපාර තුළින් මිනිසාගේ ආයුකාලය අඩු කරනවා හැර කිසිවක් කරන්නේ නැත. වැටලීම් කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ වැඩක් යැයි සිතමින් අප කිසිත් නොකළ යුතු නැත. මෙම දැනුවත් වීම හරහා ඔබත් කොළඔ අවට ජීවත් වන අයෙක් නම් මදකට ෆ‍්‍රයිඞ් රයිස්, බුරියානි කෑමෙන් වැළකීම නුවණට හුරුය. මෙම ව්‍යාජ එළඟි තෙල් වෙළෙඳ පොළෙහි තැනින් තැන තිබෙන නිසා ඒවා මිලට ගැනීමේදී වෙළෙඳ පොළේ බසින් කිවහොත් ලූස් වශයෙන් මිලට ගැනීම මඳකට නතර කිරීම ඔබගේ සෞඛ්‍යයට හිතකරය. කෙසේ වෙතත් ආහාර කඩවල එම තෙල් පරිහරණය කිරීම පිළිබඳව අපට කියන්න ඇත්තේ හැකි අයුරින් පිටතින් එවන් ආහාර නොගෙන සිටිය යුතුය යනුවෙනි.

අධික මේදය කොයි ආකාරයට තිබුණත් එය ඔබව ලෙඩ කරන්නේය. යහපත් ආහාර රටාවකට හුරුවීම මුල්කාලයේ අපහසු වුවද එය නිරෝගීකම පවත්වාගෙන යාමේ හොඳම ක‍්‍රමය බව වෛද්‍යවරුන්ගේ මතයයි.

නදීෂ නිර්මාණ හේරත්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More