දේශීය පුවත්

රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (24) දින හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බවත් තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බවත් ඔහු සඳහන් කළේය.

අද දිනයේදී මගේ උපන්දිනය වෙනුවෙන් සුභ පැතූ සියලූදෙනාටම මම ස්තූතිය පළ කරනවා. එවැනි අවස්ථාවක ලැබුණු මෙම ආයෝජනය රටටම ලැබුණු හොඳම ත්‍යාගයක් ලෙස මා දකිනවා.

2015 දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපි හම්බන්තොටට පැමිණෙන විට මෙහි වරාය හිස් වරායක් ලෙසයි තිබුණේ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා වෙනුවට සිටියේ මොනරුන් පමණයි. ක්‍රිකට් ක්‍රීඩා නොමැති ක්‍රීකට් ක්‍රීඩාංගණ, සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා, අඩක් ඉදිකර නතර කරන ලද මහාමාර්ග ආදී සුදු අලින් විශාල ප්‍රමාණයක් හම්බන්තොට ඉදිකර තිබුණා. වල් අලින් යාල වනෝද්‍යානයේ සිටින විට සුදු අලින් සිටියේ හම්බන්තොටයි.

එදා මෙහි පැමිණි අවස්ථාවේ හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කරන බවත්, නැව් වලින් පුරෝන බවත් අපි පැවසුවත් ඔවුන් ඊට සමච්චලයට මෙන් සිනාසුණා.

නමුත් අද වන විට හම්බන්තොට වරාය වැඩකරන වරායක් බවට පත් කිරීමට අපට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් එක්ව ඒකාබද්ධ සමාගමක් ලෙස මෙම වරාය ක්‍රියාත්මක වෙනවා.

මේ වනවිට එල්.එන්.ජී විදුලි බලාගාරයක් වෙනුවෙන් චීන සමාගමක් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී හම්බන්තොට ප්‍රදේශයේ එල්.එන්.ජී විදුලි බලාගාරයක් ද ඉදි වෙනවා. ඒ වගේම අපි දැන් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමත් ආරම්භකර තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More