දේශීය පුවත්

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා රාජපක්‍ෂවරුනට අවස්ථාව ලැබුනහොත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් හමුවූ අවස්ථාවක තීරණය කල බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමති වූ බවත් ඔහු සදහන් කරයි.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒ සදහා තමනට වඩා සුදුස්සෙක් යයිද බැසිල් රාජපක්‍ෂ මහතා කියයි.

ඔහු මේ අදහස් පල කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පල කරමිනි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පුද්ගලයෙකු නම් කරන්නේ පක්‍ෂයෙන් බවත් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් විසින් යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් සදහන් කරන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනාධිපතිවරණවට තරග කිරීමට නොහැකි නිසා ජනාධිපතිවරණයට පුද්ගලයෙකු නම් කිරීමේ අවස්ථාව ඔහුට ලබා දී ඇති බවත් තව දුරටත් කියා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More