දේශීය පුවත්

– අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම අද (25 වැනිදා) සිට කි‍්‍රයාත්මක වේ.

මේ අනුව දහවල් කාලයට පැය 03 ක් සහ රාති‍්‍ර කාලයට පැය 01 ක් ලෙස විදුලිය අත්හිටුවීම සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ගුණවර්ධන මහතා පවසයි.

උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, පස්වරු 2.30 සිට 5.30 දක්වාත් විදුලිය අත්හිටුවනු ලැබේ. රාති‍්‍ර කාලයට පස්වරු 6.30 සිට 7.30 දක්වාත්, 7.30 සිට 8.30 දක්වාත්, 8.30 සිට 9.30 දක්වාත් විදුලිය අත්හිටවනු ලබයි.

සෙනසුරාදා දිනවල පැය 2.15 ක් පමණක් විදුලිය කපා හැරීම සිදු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව පෙරවරු 8.30 සිට පෙ.ව. 10.45 දක්වාත්, පෙ.ව. 10.45 සිට පස්වරු 1.00 දක්වාත්, පස්වරු 1.00 සිට පස්වරු 3.15 දක්වාත් සහ පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලිය අත්හිටුවනු ලබයි. ඉරිදා දිනවල විදුලිය කපා හැරීමක් සිදු කරන්නේ නැත.

විදුලිබලය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සියයට 40 අඩුව පැවැතීමත් නොරොච්චෝල තාප බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් 800 දක්වා පහළ බැසීමත් මෙම විදුලි සැපයුම අත්හිටුවීමට හේතු වී ඇතැයි ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා විදුලිය කපන වේලාවන් ඇතුලත් කාලසටහන මෙතැනින් ලබාගන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More