දේශීය පුවත්

‘ජනාධිපතිවරණය ලං වෙනවාත් සමඟම එක එක තේමා පාඨ එනවා. ගියවර හලාල් ප‍්‍රශ්නය ගෙන ආවා. මෙවර විල්පත්තුව ගෙනල්ලා. මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඩැහැගනන්න විවිධ උපක‍්‍රම භාවිතා කරනවා. මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ. වැඩ්ඩන්ට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) බළන්ගොඩ කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට යන තේමා පාඨය යටතේ පැවති සංවාදශීලි ජන හමුවේ දී අදහස් දක්වමිනි.

මෙම රැස්වීම බළන්ගොඩ ගෝල්ඩන් සන් සිටි උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කීය.

‘මේ ආණ්ඩුව බලයට ආපු දා සිටම ස්දේශීකයා ගැන සිතුවේ නැහැ. අද ගම්මිරිස් මිල පහළ බැහැලා. ස්දේශිකයාට බදු පිට බදු ගහනවා. මිනිසුන්ගෙන් පන්න පන්න බදු ගන්නවා. විදේශියන්ට ඒ නීති රීති නැහැ. විදේශිකයන්ට බදු සහන ඉඩම් සින්නක්කර දෙනවා. විදේශ විනිමය පනත වෙනස් කළා. කළු සල්ලි අරගෙන මේ රටට විදේශීකයන්ට එන්න අවශ්‍ය නිතිරීති සම්පාදනය කරනවා. මේ රටේ නීතියක් තිබෙනවා කිසියම් මාධ්‍ය ආයතනයක් විදේශීකයන්ට ගන්නා බැහැ කියලා. නමුත් ලයිකා මොබයිල් ආයතනය මේ රටේ මාධ්‍ය ආයතනයක් මිලට ගත්තා.

මේ රටේ ඉඩම් සිතියම් ගත කරන්න කැබිනට් අනු කමිටුවක් පත් කළා. එහි ඇමෙරිකානුවන් සිව් දෙනෙකු ඉන්නවා. අපේ රටේ ඉඩම් මැන වෙන් කරන්න අපේ මිනින්දෝරුවන්ට හැකියාව තිබිය දීත් ඇයි ඇමරිකාවට දෙන්නේ. ලංකාවේ නීතියක් තිබෙනවා එක පුද්ගලයකුට අක්කර 50 කට වඩා ගන්න බැහැ කියලා. නමුත් ඒ නීතිය වෙනස් කරන්න නව පනතක් ගේන්න සැලසුම් කරනවා. ඉඩම් බැංකුවට මගින් තමයි මේ රටේ ඉඩම් පාලනය කිරීමට කටයුතු සූදානම් වන්නේ. ඒ අනුව විදේශිකයින්ට ඕන තරම් ඉඩම් මිල දී ගැනීමට පුළුවන්.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කාටද දැඩිව වුවමනා වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රනිල්ට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙන එන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More