රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් රැගත් නෞකාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ්ට අයත් එකක් බවට සැකකරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා පවසයි.
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගනු ලැබිය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමට නාවික හමුදාවේ සහාය ලබාගත් බව ලතීෆ් මහතා පැවසීය.
එම යාත්‍රාව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් වට කිරිමත් සමඟ එහි තිබූ මත්කුඩු කිලෝ 500 කට අධික ප්‍රමාණයක් මුහුදට දමා ඇතැයි ලතීෆ් මහතා පැවසිය.
ඇෆ්ගනිස්ථානයේ සිට මෙම හොරොයින් තොගය ලංකාවට ප්‍රවාහනය කර තිබේ.
යාත්‍රාව පකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකුට අයත් එකක් බවට මුලික විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.
මේ වන විට ඩුබායිහි බන්ධනාගාර ගත කර සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට හෙරොයින් ප්‍රවාහනයට යොදා ගෙන ඇත්තේ මෙම සැපයුම්කරු බව ද අනාවරණය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...