පුරවැසි කොලම

මෙම යෝජනාව එංගලන්තය සහ ජර්මනිය විසින් ගෙන එන්නක් .පළමු යෝජනාව දරුස්මාන් වාර්තාව මත පදනම් වූවකි ලොර්ඩ් නෙස්බි සාමිවරයා පවා එය සාවද්‍ය බව කිව්වා එන්oගලන්ත අගමැතිනි කියනවා ඇය ත්‍රස්තයන්ට විරුද්ධව සටන් කරන ඇයගේ සෙබළු බේරා ගැනීමට මානව හිමිකම් නීති වෙනස් කිරීමට පවා පසු බට නොවන බව .කණගාටුවට කාරණය ඒ එංගලන්තයම ත්‍රස්තවාදයට විරුද්ධ ව සටන් කළ අපේ හමුදාවට චෝදනා කරනවා

මේ දෙබිඩි පිළිවෙත බලන්න එක් පැත්තකින් එංගලන්තය අපේ රණ විරුවන්ට නඩු පවරනවා .අනෙක් පැත්තෙන් මරාගෙන මැරෙන ත්‍රස්ත කාන්තාවන් පුහුණු කල ඇඩලා බාලසිංහම් ට එංගලන්තයේ රැකවරණය දෙනවා .ඇමෙරිකාව අපේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්න හදනවා අනෙක් පැත්තෙන් ඇමරිකන් සෙබළුන් නඩු දාන ජාත්‍යන්තර යුද අධිකරණ විනිසුරුවන්ට දඬුවම් කරනවා .මෙඩ්ලින් ඕල්බ්‍රයෙට් එදා කිව්වා අමෙරිකන් සම්බාධකවලින් ඉරාක දරුවන් ලක්ෂ 5 ක් හාමතේ මිය යද්දී එය සාධාරණ බව. ලංකාවේ ජනතාව ,එංගලන්තයේ හෝ ඇමරිකාව මානව හිමිකම් ගැන කතා කරද්දී ගණන් ගන්නේ නැත්තේ ඒකයි .

එංගලන්තයට කිසි ම ශිෂ්ට අයිතියක් නැහැ අපට මානව හිමිකම් කඩ කිරීම ගැන කතා කරන්න .අපි ඔවුන්ගේ යටත් විජිතයක් ව සිටිය දී රොබට් බ්‍රවුන්රි ගේ අණ යටතේ අවුරුදු 18 ,35 අතර සියලු සියලුම සිංහලයෝ මැරුවා ,සියලුම සිංහල කාන්තාවන් දූෂණය කර කළා ,පලතුරු ගස් ,කුඹුරු ,වැව් විනාශ කළා .වෛද්‍ය ජෝන් ඩේව් ලියනවා ඉංග්‍රීසි හමුදාව සිංහල ජනගහනයෙන් සියයට හතක් මරා දැමූ බව .

ලුතිනන් මැක්ලේන් කුප්‍රකට වෙලා තියෙන්නේ ඔහු උදේ ආහාර ගන්නා විට ඔහුට සිංහලයෙක් ව එල්ලා මරනවා දකින්න කැමති නිසා. කර්නල් හුක් කිසි ම නඩු විභාගයක් නැතිව සිංහලයන් එල්ලා මරා තියෙනවා .

පරණ පුරුදු අතහරින්න අපහසුයි .අපිව යටත් කර ගත් ,අපේ සංස්කෘතිය විනාශ කළ
බ්‍රිතාන්‍යන් දැන් ආයෙත් වැඩ පටන් අරන් .අපි නියෝග කරනවා එංගලන්තයට අපිට වගවීම් ගැන බණ දේශනා කරන පළමුව අපෙන් සමාව ඉල්ලා අපෙන් පැහැර ගත් පුස්කොළ පොත් ඇතුළුව අපේ වස්තුව නැවත භාර දෙන්න කියා .
වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මානුවන් මිලියන දෙකක්
හාමතේ තබා මිය යන්න සැලසුවා එහෙව් ජර්මනිය එංගලන්තය සමග අපට මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක්.මෙයට සම අනුග්‍රහකත්වය දක්වන අපේ නායකයෝ නිවට ඇති.නමුත් ලාංකීක ජනතාව නිවට නැත.

රියර් අද්මිරාල් ආචාර්‍ය සරත් වීරසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More