ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ප්‍රහාර එල්ලවන විට අපත් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල නොකළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවේදී පැවසුවේය.
මේ බව සදහන් කරේ සතිඅන්ත පුවත්පතකට සම්මුක සාකච්ඡාවක් ලබා දෙමින්.
ජනාධිපතිතුමා අපිත් එක්ක විශාල තීන්දුවක් ගත්තා. එතුමාම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදි අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඒකට පක්ෂව ඡන්දය දිය යුතුයි කියන ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියේ.
ඒ විතරක් නොවෙයි එතුමා ප්‍රකාශයක් කළා ‘මේ අයවැය ලේඛනය ඉතා හොඳයි. මේකේ වැරදි තියෙනවා නම් මීට වඩා හොඳ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. එතුමා එහෙම අභියෝගයකුත් කළා. ඉතින් එහෙව් එකේ අපි කොහොමද එතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්නේ? ජනාධිපතිතුමා අද අපිත් එක්ක හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා.
ඉතින් අපි මොකටද එතුමට විරුද්ධව ඡන්දය දෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...