දේශීය පුවත්

අවශ්‍යතාවය තරමට විදුලිය උත්පාදනය කළ නොහැකි වීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දිනපතා විදුලි කප්පාදුව

දිවා කාලයේදී
P – 8.30-11.30
Q – 11.30-2.30
R – 2.30-5.30 වශයෙන්ද

රාත‍්‍රි කාලයේදී
A – 5.30-6.30
B – 6.30-7.30
C – 7.30-8.30
D – 8.30-9.30 මෙම වේලාවන් සකස් කර තිබේ.

මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් විදුලිය සඳහා අධික ඉල්ලුමක් ඇතිව තිබුණද ඊට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද මණ්ඩලය කියයි.

මේ නිසා රට පුරා පවතින විදුලි බෙදාහැරීමේ උපපොළවල් මට්ටමින් විදුලි කප්පාදුව සිදු කරන බවද මන්ඩලය කියා සිටී.

එසේ නොකළහොත් විදුලි බල පද්ධතියේ සමතුලිතතාවය බිඳවැටීම අවදානමක් ඇතැයිද සඳහන් කරන බල මණ්ඩලය මේ දිනවල දහවල් කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ඉක්මවන නමුත් මණ්ඩයට ලබා දිය හැක්කේ මෙගා වොට් 1950 පමණ බවත් පෙන්වා දෙයි.

රාත්‍රී කාලයේදී ඉල්ලම මෙගාවොට් 2600 වුවත් ලබා දිය හැක්කේ මෙගා වොට් 2300ක් පමණක් බවත් මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More