ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබේ.
මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින තරග වලින්ද, ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව විස්සයි 20 තරග වලින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අදහස් කරන බව ඊයේ දකුණු අප්‍රිකාවේදී පැවැති විස්සයි 20 තරඟයෙන් අනතුරුව පැවසීය.
තිස්පස් හැවිරිදි මාලිංග මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 218 කට සභාගිවී කඩුලු 322 ක් බිඳහෙළා ඇති අතර විස්සයි20 තරග 72 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 97 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...