දේශීය පුවත්

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු හෙට(24) ආරම්භකිරීමට නියමිත බව වාර්තා වේ.

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව තෙල් පිරිපහදු සංකීර්ණය අක්කර 200ක භූමියක ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් එය මාස 44ක කාලයක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසේ.

තෙල් පිරිපහදු සංකීර්ණය ඉදිකිරීමෙන් මෙරට අපනයන ආදායම රුපියල් බිලියන 7කි පමණ වැඩි කර ගැනීමට හැකිවන බව රජය පවසයි.

එසේම මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීමට නියමිත සිමෙන්ති කර්මාන්ශ ශාලාව මගින් වසරකට මෙට්‍රික් ටොන් 3.6ක සිමෙන්ති නිෂ්පාදනය කිරීමට අරමුණු කරන බවද රජය පවසයි.

මේ සම්බන්ධව මාධ්‍ය වේදීන් විසින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධානය නාමල් කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මෙවැනිම ආකාරයේ අණබෙර මීට ඉහත වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කළ බවත් මේ වනවිට එය පුස්සක් බවට පත්ව ඇති බවත්ය.

එසේම හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සිංගප්පූරු සමාගමක් විසින් 70%ක ආයෝජනයක් සිදු කිරීම හරහා නැවත රටට ගෙන ඒමට සූදානම් වන්නේ මහ බැංකු කොල්ලයෙන් රටට අහිමිව ගිය මුදල්දැයි සැකයක් මතුවන බව නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේය.

එසේම ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස 6ක පමණ කාලයක් බැවින් රනිල් වික්‍රමසිංහට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ සහ පාක්ෂිකයන්ගේ ඇතිව තිබෙන විරෝධයට පිළියම් ලෙස නැවත ජනතා බලාපොරොත්තුවක් ඇති කිරීමේ උත්සායක් මේ හරහා ක්‍රියාත්මක වනවාදැයි සැක සහිත බව ඒ මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More