දේශීය පුවත්

මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු ඉදිරියට සිදුකිරීම, මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ(22) පැවති සාකච්ඡාවලදී තීරණය වී ඇත.

මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය නියෝජනය කරමින් එහි සභාපති සාලිය පීරිස් මහතා හා තවත් සාමාජිකයෙක්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් කිහිප දෙනෙකු ද සභාගී වී තිබිණි.

දැනට සිදුකර ඇති කැනීම් කටයුතු මත පදනම්ව පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබාදීමට මහාචාර්ය රාජ් සෝමදේව මහතා එකඟත්වය පලකර ඇති අතර එම වාර්තාව ලැබීමෙන් පසු නැවත සාකච්ඡා පවත්වා කැනීම් කටයුතු සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් වාර්තාව ලැබෙන තුරු සමූහ මිනීවලේ ආරක්ෂාව තර කර තිබෙන බවත් දැනට ගොඩගෙන ඇති අස්ථි කොටස් විනාශවීම වැලැක්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More