දේශීය පුවත්

නොනැවතී සිදුවෙමින් පවතින් විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයට එරෙහිව නැවත වරක් සමාජ විරෝධය උත්සන්න වෙද්දී සුපුරුදු පරිදි ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතුන් නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් මහා වන සංහාරය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් ඇත.

ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතෙකු වන වව්නියාව බෝධිදක්ෂිණාරාමාධිපති
උතුරු-නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර, එහිදි එහිමියන් සදහන් කළේ දකුණේ පිරිස් විසින් විල්පත්තුව පිළිබදව බොරු චිත්‍රයක් මවා ජාතිවාදය ඇවිලවීම නැවතත් කටයුතු කරමින් සිටින බවයි.

විල්පත්තුව ආශ්‍රිතව නැවත පදිංචි කර ඇත්තේ යුද්ධයට පෙර එහි සිටි ජනතාව බවත්, ඒ දෙස මානුෂීයව බැලිය යුතු බවත් එහිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියේය. මෙම මාධ්‍ය හමුවට බදියුදීන් ඇමතිවරයාගේ පක්ෂය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී විගණකාධිපතිවරයා විසින් විල්පත්තු වන සංහාරය පිළිබදව නිකුත් කළ වාර්තාව මගින් අනාවරණය කෙරුණේ, ඉදිකල නව ජනාවාසවල පදිංචිකර ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ පිරිස් නොව වෙනත් ප්‍ර දේශවලින් ගෙන්වූ මුස්ලිම් ජාතිකයන් බවයි. පාකිස්ථානයේ හා විවිධ රටවලින් මෙරටට අනවසරයෙන් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතිකයන් ද මෙම ජනපදවල පදිංචි කර ඇති බවටද මිට පෙර චෝදනා එල්ලවිණි.

සියඹලාගස්වැවේ විමලසාර හිමියන් ඇතුළු පිරිස මීට පෙරද රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා චෝදනාවට ලක්වූ අවස්ථාවල ඔහුගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් රට නොමග යැවීමට කටයුතු කළ බවට චෝදනා එල්ලවිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More