දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය එකඟ බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) ජනතා විමුක්‌ති පෙරමුණට පවසා ඇත.

කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්‌සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැනුම් දීමටද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්‌ඩල සභිකයන් වන විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මහත්වරුන් ජවිපෙ වෙනුවෙන්ද අගමැතිවරයා සමඟ මලික්‌ සමරවික්‍රම මහතා එජාපය වෙනුවෙන්ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එජාපය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බවද පක්‍ෂ සම්මේලනයේ දී ද මේ සම්බන්ධයෙන් තීරණයක්‌ ගෙන ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා තම කණ්‌ඩායම හමුවේ කී බවත් විජිත හේරත් මහතා “දිවයින” ට කීවේය.

පාර්ලිමේන්තුවේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේ දී මෙම සාකච්ඡාව ඊයේ පස්‌වරු 2.00 ට පැවැත්විණි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගත යුතුව ඇත.

මේ සඳහා සහාය ලබා ගැනීමට ජවිපෙ මේ වන විට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ පසුගිය සති දෙකේදී සාකච්ඡා පැවැත්වීය.

ඉදිරි සතිවලදී රවුµa හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ රිෂාඩ් බදියුදීන් යන සුළු පක්‍ෂ නායකයන් සමඟ ද ජවිපෙ සාකච්ඡා කිරීමට නියමිතය.

divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More