දේශීය පුවත්

හදිසි විදුලි මිලදී ගැනීම් වෙත යොමු වී පෞද්ගලික වාසි ලබාගැනීමේ අරමුණින් බලධාරීන් සූර්ය බලශක්ති විදුලි බලාගාර ඇතුළු අලුතින් විදුලි බලාගාර පිහිටුවීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාත්මක නොකර සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

ඒ අතර සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී විදුලි අර්බුද උග්‍ර වනු ඇති බවයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් පසුගිය සඳුදා අක්‍රියවීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිසැපයුම අවස්ථා කිහිපයකදීම අඩපණ විය.

එම විදුලි බිඳවැටීම යථා තත්වයට පත් කළ බව විදුලිබල මණ්ඩලය පැවසුවත් පසුගිය දින කිහිපය පුරාම ඇතැම් ප්‍රෙද්ශවලින් විදුලි විසන්ධිවීම් නැවත නැවතත් වාර්තා විය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වාදෙන්නේ දිනෙන්දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා වන විසඳුම් යෝජනා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙවන් තත්වයක් උද්ගතව ඇති බවයි.

මේ වන විට මෙරට වාර්ෂික විදුලි නිෂ්පාදයෙන් මෙගාවොට් පැය 4000 ක විදුලිය විදුලි බලාගාරවලින් සපායාගැනෙන අතර මෙගාවොට් 900 ක අමතර විදුලිය පෞද්ගලික බලාගාරවලින් මිලදී ගැනීම සිදු කෙරෙයි.

රජය විදුලිය සපයා ගැනීම සඳහා දරණ මුළු වියදමෙන් සියයට 35 කට අධික ප්‍රමාණයක් ඊට වැයකරනු ලබයි.

යෝජිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමෙන් එම පිරිවැයද අවම කරගත හැකි වුවත් බලධාරීන් පටුවාසි මත ඊට යොමුනොවන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා නගයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More