ජාතික සම්පතක් වන විල්පත්තු රක්‍ෂිතය සුද්දකර දුන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකුව සිටියදී පත් කළ කමිටුවක නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
තවත් කවුරුන් හෝ විල්පත්තු රක්‍ෂිතය එළි පෙහෙළි කර හෝටල් කීපයක් ඉදිකර ඇති බවත් තමන් විල්පත්තුව විනාශ කළ බව ඔප්පු වූවොත් ඕනෑම ද`ඩුවමක් ලබා දෙන ලෙසත් බදියුදීන් මහතා කීවේය.
විල්පත්තු රක්‍ෂිතයේ අක්‌කර ගණනාවක් නීති විරෝධී ලෙස එළිකර රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිය ආධාරකරුවන් පදිංචි කරවා ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සහ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පිළිබ`ද අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමෙන් පසු පිළිතුරු දුන් බදියුදීන් මහතා මෙසේ කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...