දේශීය පුවත්

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීමෙන් පසුව වරින් වර විදුලි කප්පාදුව සිදුකළත් පසුව එය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ යළිත් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.

විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක 20 දා නිකුත් කළ නිවේදනය

“මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ වගේම සැම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වයන් මත විදුලි ක්පපාදුවකට යන්න අපි අදහස් කරලා නැහැ. නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශ වලින් විදුලිය බිදැටීම් වාර්තා වුණා.

නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් අනුව සිදුකරනු ලබන විදුලි කප්පාදුවක් පිළිබදව මේ දිනවල විවිධ සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තීන් ජනතාව අතරට යමින් පවතිනවා. නමුත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ, එවැනි කිසිදු විදුලිය සිදලීමේ නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත්කර නොමැති බවයි” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

මේ අතර ලංවිම සේවකයන් චෝදනා කළේ විදුලි අර්බුදයක් ඇති කරල වැඩි මිලට ක්ෂණික විදුලි මිලදී ගැනීම සඳහා වූ විදුලි මාෆියාවක් ක්‍රියාත්මක බවයි. ඒ අනුවට රට පුරා විදුලි කප්පාදුවක් සිදුකර ජනතාව පීඩාවට පත්කරමින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සැලැස්සවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More