දේශීය පුවත්

අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ.

පුත්තලමේ පැවැත්වෙන ග්‍රාම ශක්ති වැඩසටහන සහ නගරයේ විවෘත කිරීම් කිහිපයක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පුත්තලම නගරයට ගොස් සිටී.

ජනාධිපතිවරයා පළමුව සහභාගී වීමට තිබු උත්සව සභාව අසළ උද්ඝෝෂකයින් රැඳී සිටීම හේතුවෙන් පළමු වැනි විවෘත කිරීමට සහභාගී නොවූ ජනාධිපතිවරයා දිනය අවසානයේ සහභාගී වීමට තිබු වැඩසටහනට ගොස් සිය කතාව අරම්භ කළේය.

පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා හමුවී මෙම කසල ප්‍රශ්නය පිළිබඳව තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නමුත් ඊට අවසරයක් ලබාදිය නොහැකි බව පවසන ආරක්ෂක අංශ මැදිහත්වී උද්ඝෝෂකයෝ නැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරති.

පොලීසිය ,පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ,ජල ප්‍රහාරක රථද කැඳවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

ලංකාදිප



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More