මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මඟින් අද (22) ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වු වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍ය යොදා ඇති අතර රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.
ගුවන් හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන් ගත වු වයි 12 ගුවන් යානයෙන් මාවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වූ වලාකුළු මතින් පියාසර කර විනාඩි 45ක කාලයක් කෘතිම වැසි ඇති කිරීම සඳහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍ය මුදා හැර ඇති බවය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාක්මක කරනු ලැබුවේය.
1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර ඇත.
ඉදිරි දින කිහිපයේදීත් කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ගුවන් මඟින් වලාකුළු මත රසායනික ද්‍රව්‍ය මුදා හැරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...