දේශීය පුවත්

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි මැතිවරණ ප්‍රචාරක දැන්විම් පුවරුවක් කඩා දැමු බවට චෝදනා කරමින් තරුණයකුට පහරදිමේ සිද්ධියකට සම්බන්ද බව කියන බද්දේගම ප්‍රාදේශිය සභාවේ ශ්‍රි .ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (21) රාත්‍රි ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.

උඹ තමයි පසුගිය මැතිවරණයේ දි මගේ කටවුට් එකක් කැඩුවේ කියා සැකකාර මන්ත්‍රිවරයා විසින් මෙම තරුණයාට පහරදි හිස තාප්පයක හප්පවා ඇති බව පොලිසිය පවසයි. තරුණයා තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

පසුව මේ ගැන තුවාල ලැබු තරුණයාගේ පියා විසින් විමසිමේදි සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා විසින් ඔහුට බැනවැදි තර්ජනය කොට ඇතිබව පොලිසිය පවසයි. මේ සම්බන්දයෙන්ද පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බවද වදුරඹ පොලිසිය පවසයි.

සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

වදුරඹ පොලිස් ස්ථානාධිපති එච්. කේ. රුක්මන්. පො කො 56860 රෝහණ, පො කො 79582 රංජිත් පො. කො. 80252 හේමනායක යන නිලධාරින් විසින් සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගනු ලැබිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More