සේවක අර්ථ සාධක අරමුදල සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුවට අවධාරණය කළේය.
මිලියන ගණනක් ජනාතාවට විශ්‍රාම යාමේදී ඇති එකම ආරක්ෂණය එය වන හෙයින් එහි අරමුදල් අහිමි වුවහොත් ඒවා ගෙවීමට ආණ්ඩුවටද මුදල් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළට ඇතුළත් කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගිය (20)දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළකළේ ඊයේ (21) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එම ක්‍රියාවලිය තුළම ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති බව පෙනෙන්නට ඇති බවයි ගුණවර්ධන මහතා කියාසිටියේ.
කොටස් වෙළෙඳපොළ අස්ථාවර වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති හෙයින් එම තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
LNW
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...